මත්තල ගුවන් තොටුපල රුසියා – ඉන්දීය සමාගමක් ගන්න යයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

එම මෙහෙයුම් පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කීපයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව එම සමාගම සමඟ ගිවිසුමට එළඹීමට නියමිත බවත් ලේකම්වරයා කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *