ඉන්දියාවට යන්න රු.26,000 යි – ඉන්දු – ශ්‍රි ලංකා මගී සේවාව ලබන සතියේ යළි අරඹයි

ඉන්දි­යාවේ නාග­ප­ට්ටි­නම් සිට කන්ක­ස­න්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවන අදි­ය­රය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරී­මට නිය­මිත බව ‘ශිව ගංගා’ නැව් සමා­ගම නිවේ­ද­නය කර තිබේ.

මුලින්ම ‘චෙරි­ය­පානී’ නැව් සමා­ගම විසින් දෙරට අතර මේ මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර, හදි­සි­යේම ඇති වූ කාල­ගු­ණික විප­ර්යා­සය නිසා එම නැව් සේවාව තාව­කා­ලි­කව නවතා දමන්න සිදු විය.

පසුව ‘ශිව ගංගා’ නැව් සේවාව දෙවන අදි­ය­ර­යේදී එම නැව් සේවාව ආරම්භ කිරී­මට අවස්ථා කිහි­ප­යක්ම සූදා­නම් වූවත් එය අසා­ර්ථක වූයේ තාක්ෂ­ණික දෝෂ නිසා­වෙනි.

ලබන සති­යේදී මේ නැව් සේවාව ආරම්භ වීමත් සම­ඟම එක් මගි­ය­කුට තනි ගමන් ගාස්තුව රුපි­යල් 26,000ක් වන අතර, එක් වාර­ය­කදී කිලෝ ග්‍රෑම් 60ක් සමඟ මගීන් 150කට මේ නෞකාවේ ගමන් කළ හැකිය.

මේ නැව් සේවා­වෙන් ගමන් කරන මගීන්ට යාප­නයේ ස්ථාන තුන­කදී සහ ඉන්දි­යාවේ ස්ථාන 12කදී අදාළ ටිකට් පත් මිලට ගැනී­මට ද කට­යුතු සූදා­නම් කර ඇත.

සතියේ ඉරිදා දිනය හැර අනෙක් දින හය පුරාම දෛනි­කව මේ නැව් සේවාව පවත්වා ගෙන යන බව ද ශිව ගංගා නැව් සේවාව නිකුත් කළ නිවේ­ද­නයේ සඳ­හන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *