මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැණීමට කටාර් සහ ඉන්දියානු සමාගම් ලංසු තැබීමට සූදානමින්

මන්නාරම් දේ‍රා්ණියේ තෙල් සහ ගෑස් කැණීම සදහා නුදුරේදීම ජාත්‍යන්තර ලංසු කැදවීමක් සිදු කිරීමට රජය සූදානමින් සිටින බව ඩේලි මිරර් පුචත්පත සිය මුල්පුවත ලෙස වාර්තා කර තිබේ.

කටාර් සහ ඉන්දියානු සමාගම් කිහිපයක් මෙම ලංසු කැදවීම සදහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව ද පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

2011 වසරේ කරන ලද සොයා බැලීමකට අනුව, මන්නාරම දේ‍රා්ණියේ ගෑස් නිධි දෙකක් ඇති බව හදුනාගෙන තිබේ.

ජාත්‍යන්ර ලංසු කැදවීම පසුගිය මාසයේ දී දියත් කිරීමට නියමිතව තිබුනද, නීතිපති දෙපාර්තමේන්තුව විසින් වැඩි දුර වාර්තා ඉල්ලා තිබූ බැවින් එය ප්‍රමාද වූ බව අදාල බලධාරීන් පුවත්පත සමඟ වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *