පසුගිය කාලසීමාවේ සිදුවූ දූෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීමේදී හුදෙක් ගල් අඟුරු ගනුදෙනු වැනි සිදුවීම්වලට පමණක් සීමා නොවී, 88-89 භීෂණ සමයේදී සිදුවූ මහා පරිමාණ මහජන දේපළ විනාශය පිළිබඳවද විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චරිත් අබේසිංහ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, රටේ සම්පත් විනාශ කළ සියලු පාර්ශවයන් නීතිය හමුවට පැමිණවිය යුතු බවයි.