ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දවසේ ලංකාවට ලැබෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එවා තිබූ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයාට ඊයේ (20දා) භාරදී ඇත.

අමාත්‍ය අමරවීර මහතා ඉරානයේ රාජත්‍රාන්තික සංචාරයක නිරත වීමට මින් පෙර නියමිතව තිබී ඇති අතර එය අවලංගු කිරීමට කටයුතු යොදා තිබිණ. උමා ඔය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා කටයුතු කළේය. ඒ අනුව අමාත්‍යවරයාගේ ඉරාන සංචාරය අවලංගු නොකරන ලෙසත්, ඉරානයට පැමිණෙන ලෙසත් ජනාධිපතිවරයා විසින් එම අවස්ථාවේදී අමාත්‍යවරයාට ආරාධනා කර තිබේ.

ඒ අනුව ඉරානයේ සංචාරයකට එක්වූ අමාත්‍ය අමරවීර මහතා යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා විසින් අමරවීර මහතාට ත්‍යාගයක් එවීමට කටයුතු කර ඇත. ඒ අනුව එරට ආගමික සංකේතයක් වන අදාළ ත්‍යාගය අමරවීර මහතාට ලැබී තිබුණේ ඉරානයේ ජනාධිපතිවරයා මියගොස් ඇති බවට එරට විසින් තහවුරු කරන ලද ඊයේ(20දා) දිනයේදීය.

image 6d94d06bd5 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *