එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර මිලිටරි ගැටුම දසවන දිනට පිවිස ඇති අතර, අසල්වැසි රටවලට සතුරුකම් අඛණ්ඩව පැතිර යමින් බලශක්ති වෙළඳපොළවලට දැඩි බලපෑමක් ඇති කරයි. තම රටෙහි යටිතල පහසුකම් වෙත එල්ල කෙරෙන එක්සත් ජනපද – ඊශ්‍රායල් ප්‍රහාර නතර නොකර දිගටම පවත්වාගෙන ගියහොත් ලෝක වෙළඳ පොලෙහි බොරතෙල් බැරලයක මිල ඩොලර් 200ත් ඉක්මවිය හැකි බවයි ඉරානය අනතුරු අඟවා ඇත්තේ. එම අගය දීර්ඝ කාලයක් පැවතිය හැකි බවත් ඉරාන නිලධාරීන් දැඩි අනතුරු ඇඟවීමක් කළහ.
CCTV ප්රවෘත්ති වලට අනුව, ඉරානයේ කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක මාර්තු 8 වන දින වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට මේ පිළිබඳව සෘජුවම අනතුරු ඇඟවීය. “බොරතෙල් මිල බැරලයකට ඩොලර් 200 ට වඩා ඉහළ යාම ඔබට ඉවසිය හැකි නම්, මෙම ක්‍රීඩාව දිගටම කරගෙන යන්න” යි ඊයේ මාර්තු 9 වන දින ඉරාන කථානායක මොහොමඩ්-බාගර් ගලීබාෆ් තවදුරටත් ප්‍රකාශ කළේය.