ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කලාපීය සහ ඉන් බාහිර රටවල් 14කට සෘජු බලපෑම් එල්ල වී ඇති බව ජූලියා ෆ්‍රැන්කල් (Julia Frankel) විසින් ඉදිරිපත් කරන ලද නවතම වාර්තාවක දැක්වේ.
මෙම යුද ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව ද (මුහුදු සීමාව ආශ්‍රිතව) ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.
වාර්තාවට අනුව බලපෑමට ලක්ව ඇති අනෙකුත් රටවල් මෙසේය:
- ලෙබනනය, සිරියාව සහ කටාර් රාජ්‍යය
- බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය
- සෞදි අරාබිය, කුවේටය සහ ඉරාකය
- තුර්කිය, සයිප්‍රසය සහ ඕමානය
- අසර්බයිජානය
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු සීමාව තුළ සිදුවන සිදුවීම් මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වීමට ප්‍රධාන හේතුව වී ඇත.