අයර්ලන්තයේ සිටින ශ්‍රි ලාංකිකයෙකුගේ මැදිහත්වීම නිසා අයර්ලන්ත රජයත් ලංකාවට ඩොලර් ලක්ෂ 05ක් පරිත්‍යාග කරයි

අයර්ලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන දිමුත් ජයසිංහ ආරච්චි මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස යුරෝ ලක්ෂ 5ක මූල්‍යාධාරයක් ( රුපියල් කෝටි 18 ක් පමණ ) ලබාදීමට තීරණය වී තිබෙනවා.

විද්‍යුත් තැපෑල ඔස්සේ මෙම දැනුවත් කිරීම් අඛණ්ඩව සිදුකිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි අයර්ලන්ත රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ.

image 13 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *