දිවයිනේ ප්‍රථම වතාවට නිදහස් ගියරයක කන්දක් මතට වාහනයක් ධාවනය වන දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයා ගනි

අප රටේ පළමු වතාවට නිදහස් ගියරයක වාහනයක් කන්දක් මතට ධාවනය වන අයුරු දර්ශනය වන දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයා ගැනීමට  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති  ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචා ර් ය අතුල සේනාරත්න මහතාට 01 දින හැකි විය.

මෙම දෘෂ්ටි මායාව සහිත ස්ථානය  නාඋල  ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද   ජලාශයට ආසන්නව ප්‍රදේශයෙ පිහිටා තිබේ.අහම්බෙන් මෙම ස්ථානය පිළිබඳව අවධානය යොමුවූ හිටපු යුද හමුදා ක ර් නල්  වරයකු වන රත්නප්‍රිය බන්දු මහතා මේ පිළිබඳව මහාචාර්යවරයාට  වීඩියෝ  මගින් දැනුම් දීමත් සමග ජනවාරි පළමුවැනිදා උදෑසනක් මහාචාර්යවරයා එම ස්ථාන පරික්ෂාවට පැමිණ පරික්ෂාවට ලක් කරමින් මෙවැනි  ස්ථානයක්  ලංකාවේ හමු වූ ප්‍රථම අවස්ථාව බවත් තවත් රටවල් කිහිපයක මෙවැනි ස්ථාන දැනට හඳුනාගෙන ඇති බවද පෙන්වා දුන්නේය.මෙම ස්ථානය බැලූ බැල්මට දර්ශනය වන්නේ කන්දක්  වශයෙනි . එමෙන්ම එම මාර්ගයේ කන්ද අවසානයේ පල්ලම බසිනා මා ර් ග  සංවර්ධන අධිකාරියේ මාර්ග සලකුණක්ද සවිකොට තිබේ . මහාචාර්ය ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ අතුල සේනාරත්න මහතා ජලය පිරවූ ප්ලාස්ටික් බෝතලයක් කන්ද පටන් ගන්න  ආසන්නයේ තැබීම සිදු කරද්දී   එය එකවරම කන්ද ඉහළට පෙරළීගෙන යන දසුන දැක ගැනීමට හැකිවිය ‘පසුව මහාචාර්යවරයා ගූගල් සිතියම හරහා එම ස්ථානය පිළිබඳව සොයා බැලීම සිදු කරන ලදී . එහිදී  ඔහු සඳහන් කළේ මෙය දෘෂ්ටි මායාවක් බවය  එම ස්ථානය වටපිටාව දර්ශනය වන ආකාරයෙන් දෘෂ්ටි මායාවක් බවද පෙන්වා දුන්නේය. එනම් ඈතින් දිස්වෙන කඳු පෙළ අවට කැලෑ බද ස්ථානය ඇස දෘෂ්ටිය මායාවක් සේ වෙනස් වන බවත් බැලූ බැල්මට එය කන්දක් ලෙස දිස්වෙන බවය. එහෙත් විද්‍යාත්මකව ගූගල් සිතියම අනුව එය කන්දක් නොව ඉතා සියුම් පල්ලමක් සහිත ස්ථානයක් බව පෙන්වා දුන්නේය.මෙරටේ තුළදී මෙවැනි දෘෂ්ටි මායා ස්ථානයක් මෙතෙක් සොයා ගැන නොමැති බවත් තමන් දැනුවත්ව මෙවැනි දෘෂ්ටි මායා සහිත ස්ථාන ඉතාලියේ  හා ඕමාන්  රටේ ත්  යුරෝප රට කීපයක   ස්ථාන හඳුනාගෙන ඇති බව පැවසිය.මෙම ස්ථානයේ කන්ද ආරම්භ වන ස්ථානයෙන් වාහනයක් පණ ගැන්වීමකින් තොරව නිදහස් ගියරට දැමූ විට වාහනය කන්ද උඩට පැයට කිලෝමීටර් දහයක පමණ වේගයකින් ගමන් කරන ආකාරය නිරීක්‍ෂණය කර ගැනීමට මහාචාර්යවරයාට හැකිවිය. ඒ අනුව වාහන කිහිපයක් ස්ථානයේ පරික්ෂාවට ලක් කෙරිණි . එහිදී ද අනාවරණය වූයේ ඇසට කන්දක් ලෙස පෙනෙන නිසා එය කන්දට නගින වාහනයක් ලෙස දර්ශනය වන බවය.  යුද හමුදාවේ හිටපු කර්නල් වරයකු  වන රත්නප්‍රිය බන්දු මහතා කියා සිටියේ අහම්බෙන් තමන් ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයේ සිටින අවස්ථාවක මෙය දැකගැනීමට හැකි වූ බවය’ඒ අනුව  එහි  සත්‍යතාවය කුමක්දැයි රටට පෙන්වා දීමට උචිතමු පුද්ගලයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ අතුල සේනාරත්න මහතාට තමන් වීඩියෝ පට රැසක්  යැවූ බවය.  මොරගහකන්ද ජලාශය ආසන්නයේ  පිහිටා තිබීමත් දිවයිනේ ප්‍රථම වතාවට මෙවැනි ස්ථානයක් අනාවරණය කර ගැනීම නිසා මෙහි සංචාරක ආකර්ෂණයක් ලොවට කියාපෑමටද හැකිවනු ඇති  නිසාවෙන් තමන් මෙය දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.image b2c92f9c7c Iri Newsimage 5c6bd3b18b Iri Newsimage 576dae8800 Iri Newsimage ca1f45d730 Iri Newsimage 5c5b325003 Iri Newsimage fcbd4c97ec Iri Newsimage 054b98449d Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *