යාප­නය ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පළමු තර­ගය නව වසරේ ජන­වාරි 14 දා

උතුරු සහ නැඟෙ­න­හිර පළා­ත්ව­ලට විශාල අඩු­පා­ඩු­වක්ව පැවති ජාත්‍ය­න්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යක අඩුව සපු­රා­ල­මින් යාප­නය මණ්ඩ­තිව් දූප­තෙහි ඉදි කෙරෙන ‘යාප­නය ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ’ පළමු තර­ගය ලබන වසරේ ජන­වාරි 14 වැනිදා පැවැ­ත්වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් කට­යුතු ‍යොදා ඇත. එය පුහුණු තර­ග­යක ස්වරූ­ප­යෙන් පැවැ­ත්වී­මට සැල­සුම් කොට තිබේ.

මේ ක්‍රීඩාං­ග­ණයේ මුල්ගල් තැබීම ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා සිදු වූ අතර, එතැන් සිට ඉදි­කි­රීම් සිදු කෙර­මින් පවතී.

අක්කර 48ක් පුරා විහි­දෙන ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ මධ්‍ය තණ­තීරු 10කින් සම­න්විත වන අතර, එම තණ­තිලි විශේ­ෂ­ඥ­යන් පිරි­සක් නවීන තාක්ෂ­ණය යොදා සකස් කර­මින් පවතී. තණ­තිල්ලේ සිට මීටර් 80ක් දක්වා හතරේ සීමාව ඇති අතර, දෙවැනි අදි­යර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂ­කා­ගා­රය සහ මාධ්‍ය කුටිය ද, තෙවැනි අදි­යර යටතේ සෙසු ප්‍රේක්ෂ­කා­ගාර ඉදි­කි­රී­මට නිය­මි­තය.

ඉදි­කි­රීම් නිමවා අව­සන් අදි­ය­රේදී විදුලි අලෝක පද්ධ­තිය ස්ථාපිත කිරී­මට ද නිය­මිත අතර, දිගු කාලීන සැලැ­ස්මක් යටතේ මණ්ඩ­තිව් දූපතේ අක්කර 138ක භූමි භාග­යක නවීන පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත ‘ක්‍රීඩා නග­ර­යක්’ ඉදි වේ.

යාප­නය ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ජාත්‍ය­න්තර මට්ටමේ දිවා – රාත්‍රී තරග පැවැ­ත්වීමේ පහ­සු­කම් සියල්ල සපි­රෙන අතර, ශ්‍රී ලංකාවේ ඉදි­වන ඒ ආකා­රයේ පස්වැනි ක්‍රීඩාං­ග­ණය ලෙස ඉති­හා­ස­යට එක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *