කුහුල දනවන වස්තූන් ගොඩ ගසන යාපනය මුහුදු වෙරළට ඊයේ බුදුකුටියක් සහිත අලංකාර තෙප්පමක් ගොඩ ගහයි

පසුගිය සති දෙක පුරා විවිධ කුහුල දවනවන වස්තූන් ගොඩ ගැසූ  යාපනයේ වඩමරච්චි නැගෙනහිර මුහුදු වෙරළට  ඊයේ (08)  බුදු කුටියක් සහිත තෙප්පමක්    ගොඩගසා තිබිණි.

ඉතා අලංකාර ලෙස සරසා ඇති මෙම තෙප්පමේ බුදු පිළිමයක්ද තැන්පත් කොට තිබීම නිසා මෙවර යාපනයේ වඩමරච්චි ධීවරයෝ ඊට බියක් දක්වා සිටිති.

මුලින්ම යාපනයේ වඩමරච්චි වත්‍රායන් පළාතේ  උඩුවතුරේ වරායට කොඩි වලින් සරසන ලද තෙප්පමක් පාවී ආයේටත  පසුව විශාල  පඩි පෙලක් පාවී පැමිණ තිබුණි.

තුන් වන වරට  විශාල බෝයාවක් ගසා ගෙන ආවේය. හතර වන වතාවට ගසා ගෙන එන ලද්දේ අයිතිකරුවකු නොමැති බෝට්ටුවකි.

පස් වෙනි වතාවට ගොඩ ගසා ඇති මෙම   තෙප්පම ගැන වඩමරච්චි ධීවරයින් අදාල බලධාරීන්  සියළු දෙනාටම පැමිණිලි කොට ඇත.

මේ සියලුම  කුහුල දනවන ද්‍රව්‍ය යාපනයේ වත්‍රායන් උඩුවතුරේ හා වඩමරච්චි අතර මුහුදු වෙරළට   පමණක් ගොඩ ගැසීම ගැන බියට පත්ව සිටින ධීවරයින්  යාපනය විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය අංශයට යළි තොරතුරු ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කොට ඇත්තේ ඔවුන් මුලින්ම ප්‍රකාශ කළ පරිදි මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *