යාපනයේ තරුණ තරුණියන් විසින් සංවිධානය කළ ජාතික නිදහස් සමරු දින උළෙලක් යාපනය කොටුව අසලින් ආරම්භ වුණි.
මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස ජාතික ධජ රැගෙන එක්සත්ව හා එක්සිත්ව ඔල්වරසන් දෙමින් යාපනය නගරයේ වීථි සංචාරය කරමින් මෙවර නිදහස් දිනය සමරණු ලැබූහ.
යාපනයේ නිල නිදහස් උළෙල යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විනි. එය ගාම්භීර මෙන්ම චාම් උත්සවයක් විය.

