හයවෙනි වතාවටත් යාපනයේ වඩමාරච්චි උඩුවතුරේ මුහුදු වෙරළට මෙතෙක් හදුනා නොගත් අද්භූත වස්තුවක් ගොඩ ගසා තිබෙනවා.
රතු පැහැති මෙම වස්තුව බෝයාවක් විය හැකි බව බොහෝ ධීවරයින් ප්‍රකාශ කරන නමුත් ධීවර පරීක්ෂක නිලධාරීන් මේ අද්භූත වස්තුව සම්බන්ධයෙන් මේ දක්වා
කිසිවක් ප්‍රකශකර නොමැති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.
මුහුදේ පාවී පැමිණි මෙහි SL-8 යනුවෙන් සදහන් කොට තිබීම නිසා එය බෝයාවක් හෝ නැංගුරමක කොටසක් විය නොහැකි බවයි නිලධාරීන්ගේ මතය වී තිබෙන්නේ.
කෙසේ වෙතත් මුහුදේ මෙම වස්තුව පාවෙමින් පැමිණෙනු දුටු ධීවරයෝ පිරිසක් එම අද්භූත වස්තුව මුහුදේ සිට වෙරළට ඇදගෙන ගොස් තිබෙනවා.
නාවික හමුදාව හා ධීවර නිලධාරීන් මේ අද්භූත වස්තුව සම්බන්ධයෙන් නිලධාරීන්ට තොරතුරු දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
මීට පෙර අවස්ථා පහකදීම මෙම මුහුදු වෙරලට නානාවිධ අද්භූත වස්තූන් සති දෙකක කාලයක් ඇතුළත ගොඩ ගැසූ අතර බුදු පිළිමයක් සහිත තෙප්පමක් හා අලංකාර කොඩි වලින් සරසන ලද තෙප්පමක් පැමිණීම තවමත් නිශ්චය වශයෙන් හදුනා ගැනීමට නොහැකි සංසිද්ධියක් බවට පත්ව තිබීම විමතියට කරුණක්
