පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් තමා සංවිධානාත්මක අපරාධ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.
තමන් ව්‍යාපාර පටන් ගත්තේ 1989 වසරේ සිට බවත්, වැඩිම ආදායම් බදු ගෙවන පිරිස් අතර තමා ද සිටින බවත්, පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය හරහා තමාට කළු පැල්ලමක් එල්ල වූ බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අද (27) මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.