බන්ධනාගාර රැදවියෝ එක් කෑම වේලක් සුළු කුණාටුවෙන් විපතට පත් වූ අයට පරිත්‍යාග කරයි – වටිනාකම ලක්ෂ 30ක්

බන්ධනාගාර දහයක රැදවියෝ එක් කෑම වේලක්සු ළි කුණාටුවෙන් පීඩාවට පත් සහෝදර පුරවැසියන්ට පරිත්‍යාග කරති.

වටිනාකම රුපියල් තිස් ලක්ෂ හැට දහස ඉක්මවයි.

බන්ධනාගාර දහයක සිරකරුවන් ඔවුන්ගේ එක් කෑම වේලක් සදහා වෙන් කරන වියළු ආහාර ද්‍රව්‍ය දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සහෝදර පුරවැසියන් වෙත පරිත්‍යාග කර තිබේ.

ඔවුන් විසින් පරිත්‍යාග කර තිබෙන ආහාර ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් තිස් ලක්ෂ හැට දහස ඉක්මවයි.

නව මැගසින් බන්ධනාගාරය,

වැලිකඩ බන්ධනාගාරය,

බෝගම්බර බන්ධනාගාරය,

මාතර බන්ධනාගරය,

මහර බන්ධනාගාරය,

කුරුවිට බන්ධනාගරය,

යාපනය බන්ධනාගාරය,

මොණරාගල බන්ධනාගාරය,

අගුණකොලපැලැස්ස බන්ධනාගාරය සහ

මඩකලපුව යන බන්ධනාගාරවල රැදවියන්

මෙසේ ඔවුන්ගේ ආදාරවේල පරිත්‍යාග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *