ජනවාරියේ 277,327ක් සංචාරකයින් ලංකාවට – ඉතිහාසයේ ජනවාරි මාසයක පැමිණි ඉහළම අගය එයයි

එදා මෙදා තුර ඉතිහාසයේ ජනවාරි මාසයක පැමිණ තිබෙන ඉහළම සංචාරකයන් සංඛ්‍යාව මේ ජනවාරියේ රට තුළට පැමිණ තිබේ.

ඒ අනුව, මේ වසරේ ජනවාරියේ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ හත් දහස් තුන්සිය විසි හතකි.

මීට පෙර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබූ ජනවාරි මාසය ලෙස වාර්තා වී තිබුණේ 2025 වසරේ ජනවාරියයි.

2025 වසරේ ජනවාරිය තුළ පැමිණ තිබූ සංචාරකයන් ගණන 252,761 කි.

ජනවාරි මාසයේ දෛනික සංචාරක පැමිණීම 8,946 කි.

ජනවාරි මාසයේ පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

එම ගණන, 52,061 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *