2021,2023 දීත් මේ විදියට විදුලිය බිද වැටුණා, එදා විසදුම් අපි කිව්වා,එත් ඇහුවේ නෑ – ජනක රත්නායක කියයි

ඊයේ මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සිදු වූ විදුලිය බිද වැටීම ආකාරයේ ම විදුලිය බිද වැටීමක් මීට පෙර, 2021 වසරේ දෙසැම්බරයේ දීත්, එමෙන්ම 2023 වසරේ දෙසැම්බරයේත් සිද්ධ වූ බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන ජනක රත්නායක මහතා පවසයි.

එමෙන්ම, 2021 වසරේ දෙසැම්බරයේ දී සිද්ධ වූ එම පළමු විදුලිය බිද වැටීමෙන් පසුව, 2022 වසරේ මාර්තු මාසයේ දි, එකී විදුලිය බිද වැටීමට හේතු වූ කරුණු පිළිබදව සොයා බැලීම සදහා තමන් මහජන විභාගය් සිද්ධ කළ බව ද ඔහු පවසයි.

එම මහජන විභාගයෙන් අනතුරුව, නැවත මෙවැනි හදිසි විදුලිය බිද වැටීමක් සිද්ධ නොවීමට නම් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව නිර්දේශ මාලාවක් මහජන උපයෝගී කොමිසම සකස් බව පවසන ජනක රත්නායක මහතා, එම නිර්දේශ කිසිවක් මේ දක්වා ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුත-ු කර නැති බවට චෝදනා කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය ඉතාම ඉහළ ලාභයක් වාර්තා කරමින් තිබිය දී ත් එකී නිර්දේශ නොතකා හැරීම පුදුම සහගත යැයි ජනක රත්නායක මහතා පවසයි.

මේ වන විට, මෙගවොට් 1100 ක ධාරිතාවයෙන් යුතු නොරොච්චෝලෝ විදුලි බලාගාරය ඇතුළු තවත් විදුලි බලාගාර රාශයක් විවිධ හේතූන් මත ජාතික පද්ධතිය හා සම්බන්ධ කර නැති බව පවසන ජනක රත්නායක මහතා, මේ හේතුව මත, නිසැක වශයෙන් ඉදිරි සතිය ත-ුළ දී විදුලිය කප්පාදුවකට යාමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇති බවද පවසයි.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්ෂණිකව සිද්ධවන විදුලිය බිද වැටීමක දී නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තිබෙන බලාගාර තුනම අක්‍රීය වීමකට ලක් වන බව ජනක රත්නායක මහතා පවසයි. එවැනි අවස්ථාවක දී, බලාගාරයට සිද්ධ වී ඇත්තේ කුමක්දැයි සොයා බැලීම සදහා පමණක්, බලාගාරය විවෘත කිරීමට, අවම වශයෙන් දින තුනක කාලයක් එහි උෂ්ණත්වය පහත වැටෙන ත-ුරු බලා සිටීමට සිදුවන බවයි ජනක රත්නායක මහතා පවසන්නේ.

නොරොච්චෝලේ බලාගාරය, විශාල අළුත්වැඩියාවක් සිදු කළ යුතු මට්ටමකට හානි වී ඇත්නම්, තවත් බලාගාර රැසක් මේ වන විට ජාතික පද්ධතියට එක්කර නොමැති වීම හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඇත-ුළත අඛණ්ඩ විදුලිය කප්පාදුවකට යාමට සිදුනු ඇතැයි ඔහු වැඩිදුරටත් අනතුරු හගවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *