ආණ්ඩුව යන විදිහ හොඳ නැති හින්දනේ ජනතාව පාරට බැහැලා ඉන්නේ – ජානක වක්කුඹුර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවාදී ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බවත්, ආණ්ඩුවක් ලබාගත් දිනයකදී සිය වැඩපිළිවෙළ පෙන්වීමට කටයුතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව, හැකි නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවට අභියෝග කර සිටින බවයි අද (10) මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය යහපත් නොවීම හේතුවෙන්, අද ජනතාව පාරට බැස ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *