සුනාමි රළ ජපානයට ඇතුළත් වෙයි – ලක්ෂ 09ක් ඉවත් කරයි

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව වි‍දෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ පැමිණි බව NHK ගුවන් විදුලි නාලිකාව වාර්තා කළේය.

ජපානයේ කාලගුණ ඒජන්සිය මීට පෙර පැවසුවේ ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බවය.

ජපානයේ ගිනි නිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවය.

හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිදෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133ක 900,000කට අධික පිරිසකට ඉවත් කර ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *