ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරකම් කිරිමේ සිද්ධියට ජනප්‍ර්‍රිය ගායන ශිල්පි මංජුල පුෂ්පකුමාර අත්අඩංගුවට පත් වූ අයුරු


ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර බව තහවුරු වී තිබෙනවා.

සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහනේ අවසන් වටයට තේරී පත් වුණු මෙම ගායකයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනි දා පස්වරු 12.40ට පමණ උඩමළුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔහු සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස ඊයේ (04) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවයි උඩමළුව පොලිසිය සඳහන් කළේ.

මේ අතර අද පෙරවරුවේ මාධ්‍ය එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කළ අතර අනතුරුව ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ප්‍රකාශ කළේ, තමා එවන් සිදුවීමකට සම්බන්ධ නැති බවත් තමා සිය නිවෙසේ සිටින බවයි.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේත්, අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හැරුණේත් සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි තරගයේ අවසන් වටයට තේරී පත් වූ මැදවල ලේකම්ලාගේ මංජුල පුෂ්පකුමාර දයාරත්න නොහොත් මංජුල පුෂ්පකුමාර ම බව තහවුරු වී තිබෙනවා.

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *