ඊළඟ නායකයා නාමල් රාජපක්ෂ බව සියළු බුද්ධි වාර්තා තහවුරු කර ඇතැයි, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
බුද්ධි වාර්තාවන්ට අමතරව, තානාපති කාර්යාලද ඒ බව තහවුරු කර ඇති බව කියන හිටපු අමාත්‍යවරයා, තමන් තානාපති කාර්යාල කිහිපයකටම ගිය බවත්, ඒ සෑම තානාපති කාර්යාලයකින්ම, නෙක්ස් ප්‍රසිඩන්ට් නාමල් යැයි පැවසූ බවත් අවධාරණය කරයි.
හිටපු අමාත්‍යවරයා මේ බව පැවසූවේ කුරුවිට දී පැවති මහජන රැළියකට සහභාගී වෙමිනි.