මාධ්‍යවේදී කිත් නොයාර් පැහැරගෙන වධ හිංසා කළ හමුදා බුද්ධි අංශ නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක් බව පොලීසිය පවසයි.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *