2012 වසරේ හම්බන්තොට කටුවන ප්රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ යන අයට එරෙහිව තංගල්ල මහාධිකරණය ලබා දුන් මරණ දඩුවම, අභියාචනාධිකරණය මගින් තහවුරු කර තිබේ.
2012 වසරේ ජූනි මාසයේ 15 වන දා හෝ ඊට ආසන්න දිනයක දී, කටුවන, හැඩිවත්ත, ලියනගේ රන්ජිත් යන අයගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ල කළ වෙඩි ප්රහාරයකින් එම රැස්වීමට සහභාගී වූ පුද්ගලයන් දෙදෙදෙනකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා පහකට ජුලම්පිටිය අමරේ වරදකරු කරනු ලැබ තිබුණි.
අදාල අපරාධය සම්බන්ධයෙන්, තංගල්ල මහාධිකරණය, ජුලම්පිටිය අමරේට මරණ දඩුවම නියම කර තිබුණේ 2019 වසරේ නොවැම්බර් මස 17 වන දා ය.
තංගල්ල මහාධිකරණය ලබා දුන් මරණ දඩුවමට එරෙහිව ජුලම්පිටිය අමරේ අභියචානාධිකරණය හමුවට ගිය අතර, අභියාචනාධිකරණය ද තංගල්ල මහාධිකරණය ලබා දුන් නඩු තීන්දුව තහවුරු කර තිබේ.