ඇමරිකානු තානාපති ජූලි චන්ග් පොහොට්ටු කාර්යාලයට යයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබේ.

උදෑසන 10ට පමණ ජූලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ ඇති අතර, ඇය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව ඇය මෙලෙස පැමිණ තිබේ.

මෙහිදී තානාපතිනිය පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක, ජයන්ත කැටගොඩ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යන මහත්වරුන් මුණගැසී සාකච්ඡාකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *