ටිල්වින්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන් එංගලන්තයේදී විරෝධතා පවත්වයි

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීම සහ ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ටිල්වින් සිල්වා එක්සත් රාජධානිය වෙත සංචාරයක නිරත වුණා.

මෙම සිදුවීම වාර්තා වූයේ ජාතික ජන බලවේගයේ (NPP) ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී යි.

විරෝධතාකරුවන් පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *