කච්චතිව් දූපතේ ප්‍රශ්නෙන් ඉන්දියාව රත් වෙයි – ලංකාවේ කච්චතිව් දූපතට යළි ඉන්දියාවේ බැල්ම එයි

ඉන්දියාවේ මහ මැතිවරණය ආසන්න වෙත්ම කච්චතිව් දූපත පිළිබඳ ප්‍රශ්නය නැවත වරක් එරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු 31 වැනිදා සිය නිල එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ‘ඉන්දීය ජනතාව ගැන නොසිතා කොංග්‍රස් පක්ෂය කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පිරිනැමීම සම්බන්ධයෙන් නව කරුණු අනාවරණය වී ඇති’ බවයි. මේ සම්බන්ධයෙන් සෑම ඉන්දියානුවකුම කෝපයට පත්ව සිටින බවත් කොංග්‍රස් පක්ෂය සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි බව ජනතාවට යළි තහවුරු වී ඇති බවත් එහි දැක්වේ.

කෙසේ වෙතත් කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම පහසු කටයුත්තක් නොවන බව ඇතැම් ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *