දළදා මාළිගාව කිට්ටුව කැසිනෝ එකකට අවසර දෙයි

නව කැසිනෝ ශාලා 10ක් සඳහා අයදුම්පත් ලැබී ඇති නමුත් රජය තවමත් ඊට අනුමැතිය ලබා දී නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

රාජ්‍ය ඇමැතිවරයා මෙම තොරතුරු හෙළිකළේ කොළඹ, මහනුවර සහ යාපනයේ නව කැසිනෝවලට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

“අපි කැසිනෝවලට අදාළව නව නීති ගෙනැවිත් තිබෙනවා. වසර පහක කාලයක් සඳහා බලපත්‍රයක් ලබාදීමේදී රුපියල් මිලියන 500ක් අයකෙරෙනවා. ඒ වගේම කැසිනෝවලට ඇතුල්වීමේ ගාස්තු වැඩි කරන්නත් අපි අදහස් කරනවා. ශ්‍රී ලාංකිකයන් කැසිනෝවලට යෑම අධෛර්යමත් කිරීම අපේ අරමුණයි,” යැයි රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවා.

“රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට හැකිවන පරිදි සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට කැසිනෝ ශාලා හඳුන්වාදිය යුතුයි. එසේ නොවුණහොත් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ජනතාවගෙන් තවත් බදු අයකිරීමට සිදුවේවි,” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මහනුවර ඇතුළු කැසිනෝ ශාලා දෙකකට රජය දැනටමත් බලපත්‍ර ලබාදී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *