මහනුවර පුල්ලෙයාර් කෝවිලේ කාලි මෑණියන්ට පළඳා තිබූ තැල්ලත් උස්සයි

මහනුවර පුල්ලියාර් හින්දු කෝවිලේ කාලි මෑණියන්ගේ දේව රූපයට පළඳවා තිබූ පවුමක් වටිනා තැල්ල අතුරුදහන්ව තිබේ.

මෑණියන්ගේ දේව රූපය මලින් ගවසා  තිබී ඇති අතර රන් තැල්ල යකඩ කම්බියක පටලවා ගලවා ගත  නොහැකි වන පරිදි ම සකසා තිබූ බවද දැනගන්නට ඇත

මේ සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත්තේ ද නැද්ද යන්න මහනුවර පොලිසියෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කොට සිටියේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතෙක් පොලිසියට පැමිණිල්ලක් සිදුකොට නැති බවය.

මේ සම්බන්ධව කෝවිල හා බැඳුනු අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ  කෝවිලේ අනුහස් සම්බන්ධව බැතිමතුන්ගේ සිතේ චකිතයක් ඇති වේ යැයි බියෙන් සිද්ධිය සම්බන්ධව පොලිස් පැමිණිල්ලක් හෝ නොක සිටින්නට  කෝවිල් පාලන අධිකාරිය තීරණය කර ඇති බවය.

නිතර මහජනතාව ගැවසුනද දේව රූපය ආසන්නයට යා හැකිව ඇත්තේ පුද පූජා පවත්වන පූසාරීවරුන්ට පමණක් බවත් කාලි මෑණියන්ගේ දේව රූපය අසන්නයේ වසර දෙකක පලපුරුද්දක් සහිත පූසාරිවරයෙක් සහ මාස එකහමාරකට ආසන්න   කාලයක පරපුරුද්දක් ඇති පූසාරිවරයෙක් දේව රාජකාරියේ නිරතව සිටින බවද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *