මහනුවර උඩදුම්බරට භූ කම්පනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ කම්පනයක් සිදුව තිබේ. 

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ. 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *