බිරිඳත් වෛද්‍යවරියක් – කරාපිටියේ වෛද්‍යවරයා අබිරහස් ලෙස මිය යයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුගේ දේහය සිය නිවෙසේ තිබියදී හමු වී ඇතැයි  පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ, ගාල්ල බටගන්විල තලගහහේන පටුමගේ පදිංචිව සිටි, පරණ පල්ලියගුරුගේ ප්‍රභාත් චාමර සම්පත් නමැති, 37 හැවිරිදි, වෛද්‍යවරයක්.

මියගිය වෛද්‍යවරයාගේ බිරිය ද කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි.

දෙදෙනා මෙම නිවෙස කුලියට ගෙන පදිංචිව සිට ඇති බවත්, දෙදෙනා අතර නිතර ආරවුලක් සිදුව ඇති බවත් විමර්ශන වලදී හෙළි වී ඇත.

වෛද්‍යවරයා නිවෙසේ සිටියදී බිරිය පෙරේදා තම මවුපියන්ගේ නිවෙසට ගොස් පැමිණි අවස්ථාවේදී වෛද්‍යවරයා බිම වැටී සිටිනු දැක පැමිණිල්ලක් කළ බව පොලිසිය පවසයි.

මේ පිළිබඳ මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *