නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් රුපියල් කෝටි ගණනක වත්කම් තහනම් කර ඇති නිකවැරටියේ කසිප්පු ජාවාරම්කරු සමග දුරකථන සංවාද 140 ක් කළ බව කියන පොලිස් සැරයන්වරයකු සම්බන්ධව පොලිස් මූලස්ථානය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඔහු ජාවාරම්කරුගේ ජාවාරම්වලට මුදලට සහාය දී ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි. මෙම සැරයන්වරයා නීති විරෝධී ලෙස මුදල් උපයාගෙන ඇත්දැයි සෙවීම සඳහා පොලිස් මූලස්ථානය පරීක්ෂණ සිදුකරයි.
කසිප්පු ජාවාරම්කරුවකු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ද මෙයයි. මෙම සැකකරු සතුව තිබූ රුපියල් කෝටි දහයක වත්කම් සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය.