කතරගම, වෙහෙරගල්ල වැවේ තිබී විශාල අවි ආයුධ සහ පතොරම් තොගයක් සොයාගෙන ඇතැයි පොලිසිය වාර්තා කරයි.
පොලිසිය සඳහන් කරන පරිදි, සොයාගත් අවි ආයුධ තොගයට අයත් වන ද්‍රව්‍ය පහත පරිදි වේ:
- T 56 මැගසින් 74ක්
- T 56 LMG මැගසින් 36ක්
- T 81 ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක්
- පතොරම් සහිත යැයි සැක කෙරෙන පෙට්ටි දෙකක්
- ආයුධ සහිත යැයි සැක කෙරෙන ගෝනි දෙකක්
මෙම ආයුධ සහ පතොරම් තොගය වැවට දමා තිබුණේ කවුරුන් විසින්ද යන්න සහ ඒවායේ අරමුණ කුමක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.