රාජපක්ශ පවුලට අයත්යැයි කියන්නා වූ නිවස රාජ්‍ය ආයතන ඒකාබද්ධව කරන ලද විමර්ශනයකින් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රක්ෂිතයට අයත් ඉඩමක මෙම නිවස ඉදිකර ඇති බවත් මෙම ඉඩම සඳහා නීත්‍යානුකූල පෞද්ගලික වෙනත් කිසිදු පුද්ගලයෙකු නොමැති නිසා මෙම ඉඩම රජයට පවරා ගැනීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව කතරගම ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුවත් කළද එය මගහරිමින් සිටින බව වාර්තා වේ.
(බී 95727/24)අධිකරණයටද දන්වා ඇත.
පසුගිය යහපාලන රජය සමයේදී හඳුනාගන්නා ලද රාජපක්ෂ පවුලට අයත් කියන්නා වූ කතරගම මැණික් ගග ආසන්නයේ පිහිටා තිබෙන්නා වූ සුවිශාල නිවසක් පිළිබඳව පළමුව කරුණු වාර්තා වන්නේ 2015 වර්ෂයේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පිළිබඳව විමර්ශනය කළද 2019 රාජපක්ෂ රෙජීමය නැවතත් බලයට පත්වීමත් සමගම මෙම නිවස පිළිබඳව විමර්ශන අඩපණ විය කෙසේ වෙතත් එම විමර්ශන නැවත වතාවක් වර්තමාන රජය යටතේ ක්‍රියාත්මක වීමට පටන් ගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව පළමු වතාවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත
බී 95727/24
ඉඩමේ අයිතිය තහවුරු කිරීමට නිවස ඉදිකිරීමට මූලිකව කටයුතු කරපු ගමනාගමන මණ්ඩලයේ උපසභාපතිවරයා වන එල් ඒ විමලරත්න මහතාට සතුව නොමැතිවිය.
ජලය සහ විදුලේ ලබා ගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ යන නාමය ඉදිරියෙන් අත්සන් කරමින් සියලු රාජකාරිමය කටයුතු සඳහා ඉදිරිපත් වී ඇත්තේ විමලරත්න යන පුද්ගලයා බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
මෙම ඉඩමට සහ නිවසට නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ ඔප්පුවක් නොමැති බව මේ වන විට තහවුරු වී තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා හො රාජපක්ෂ පවුලේ කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවී තිබිණි.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉඩමෙන් සැබෑ හිමිකාරීත්වය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධව රජයේ ආයතන හරහා විමර්ශනයක් ආරම්භ කරන ලදී ඒ අනුව කතරගම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මිනුම්දොරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විමර්ශනයේදී සනාථ වී තිබෙන්නේ වාරිමාර්ග දෙපර්තුමේතුට අයත් රක්ෂිතයක මෙම නිවස ඉදිකර ඇති බවත් නීත්‍යානුකූලව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රක්ෂිතයට අයිති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී සනාථ වි ඇත.
නිවසට අයිතිකාරියකු ඉදිරිපත් නොවීම මත රජයේ රක්ෂිතයක අනවසරයෙන් මෙය ඉදිකර ඇති බැවින් එය රජය සතු දේපලක් බව මෙයින් තහවුරු වී ඇත මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සහ වාරිමාර්ලයෙන් ඉල්ලා සිටියේ මෙය නීත්‍යානුකූලව රජයට පවරා ගන්නා ලෙසට ප්‍රාදේශීය ලේකම්වරියට හා වාරිමාර්ගයට දනුම් දුන් බව අධිකරණයට ඉහත බී වාර්තාවෙන්ද කරුණු දක්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයේ සතු ඉඩමක් වන බව සඳහන්ව තිබියදීත් අදාළ නිවස සහ ඉඩම රජය සතුටු දේපළක් යන බව සඳහන් කරමින් දැන්වීම කැලවීමට පවා කතරගම ප්‍රාදේශීය ලේකම්බරයා මේ වන විට අපොහොසත් වී ඇත.
මෙම නිවසට ආරක්ෂාව CID හරහා පොලිස් නිලධාරීන් ලබා දෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගට ඉල්ලා සිටින්නේ වහාම මෙම ඉඩමේ සහ නිවසේ රජයේ සතු දේපළක් යන අයිතිය තහවුරු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවවෙ ගබ්බාස් මහතාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට(ප්‍රදිප් කුලතුන්ග) දැනුම් දුන්නද එය සිදු නොකිරීම මත මෙම ප්රශ්නය විසඳා ගැනීමට දැඩි අපහසුතාවයකට මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත් වී ඇති බව මූලිකව කරුණු අනාවරණය වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොතෙකුත් මහන්සි වී මෙම විමර්ශන සිදුකළත් එහි අවසාන ප්‍රතිඵලය ළඟා කර ගැනීමට සමහර නිලධාරීන්ගේ මන්දගාමීත්වය සහ මැලිකම මත අවසානයේදී නීත්‍යානුකූලව විසඳා ගැනීමට තිබෙන ප්‍රශ්න බොහෝ කල් ගතවීම හේතුවක් බව පොලිසියේ උසස් නිලධාරියෙක් අප සමග පැවසීය