කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන මගීන්ට පැය 24 ක්‍රියාත්මක බස් සේවයක් අරඹයි

කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ මූලික පියවරක් ලෙස ඊයේ(04) දින සිට ගුවන්තොටුපොළ තුළ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් ඇරමඹ කර තිබෙනවා.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථය ඊයේ දින සිට ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කරනවා.

මෙම සේවාව 24 × 7 සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමට ද නියමිතයි.

දැනට පුද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ මෙම ‍සේවය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා.

මෙම සේවාව සපයන බස් රථ වල සේවය කරනු ලබන සේවක මහතුන් හට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා වූ නිසි පුහුණුවක් ලබාදීමෙන් පසුව මෙම සේවයේ යොදවනු ති.

රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා සුවපහසුවෙන් පැමිණීමේ අවස්ථාව මගී ජනතාවට මෙමඟින් හිමි වෙනවා.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කිරීමට හැකි වූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *