නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමට ලක්වූ ස්ථානයේ පිහිටි අවදානම් සහිත ගල් පර්වතය අද (දිනය) පුපුරවා හැර ඉවත් කිරීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මෙම ගල ඉවත් කිරීමේදී අවදානම් කලාපය අවට ප්‍රදේශවලට හානියක් සිදු නොවන පරිදි, සාම්ප්‍රදායික පිපිරවීම් වෙනුවට රසායනික පිපිරවීම් (Chemical Blasting) තාක්ෂණය භාවිතා කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.