කෙහෙල්බද්ද පද්මේ සමග පැවැත්වූ සබදතා ගැන ප්‍රකාශයක් ගන්න නාමල් අද CIDයට

පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට අද (26දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී ඇත.

මේ අතර, කොළඹ මියු­සි­යස් විදු­හල අසල ඇති නිවෙ­සක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂගේ නමට මිලදී ගැනීම සම්බ­න්ධ‍යෙන් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස අල්ලස – දූෂ­ණය – නාස්ති­යට එරෙහි සංවි­ධා­නය අල්ලස් හෝ දුෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට පැමි­ණි­ල්ලක් සිදුකර තිබේ.

මේ නිවෙස සිරි­ලිය ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ 350ක් වැය කර මිලදී ගෙන ඇති බවට ඉඩ­මට අදාළ ලේඛන පරීක්ෂා කිරී­මේදී සඳ­හන් වන බව එම පැමි­ණිල්ලේ පෙන්වා දී ඇත.

මෙය දූෂිත ගනු­දෙ­නු­වක් බවට හැඟී යන බැවින් මේ සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් කරන ලෙස එම සංවි­ධා­නය ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හෙට (27දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනීසිටින ලෙස ඇයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *