හිටපු ඇමැති කෙහෙ­ළිය හා රමිත් රඹු­ක්වැ­ල්ලගේ කෝටි ගානක දේපළ 2ක් නඩුව අසා නිම­වන තෙක් තහ­නම් කරයි

කෙහෙ­ළිය රඹු­ක්වැල්ල හිටපු ඇමැ­ති­ව­ර­යාගේ පුත්‍රයා වන ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹු­ක්වැ­ල්ලට අයත් දේපළ 4ක් මේ වන විට තහ­නම් කර ඇති බවත් ඉන් දේපළ දෙකක් නඩුව අසා නිම­වන තෙක්ම තහ­නම් කර ඇති බව අල්ලස් හෝ දූෂණ කොමි­සම ඊයේ (13දා) අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

විත්ති­කරු ඇමැ­ති­ව­ර­යාගේ පෞද්ග­ලික ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කළ සමයේ අල්ලස් ගැනී­මෙන් හෝ අල්ල­ස­කින් උප­යා­ගත් දේපළ පරි­ව­ර්ත­නය කිරී­මෙන් ලබා­ගත් වත්කම් හා මුද­ල්වල හිමි­කා­රී­ත්වය දැරීමේ චෝද­නාව යටතේ මෙම නඩුව ගොනු­කර ඇත.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහාල් මහතා හමුවේ ඊයේ (13දා) නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ ඇප මත මුදා­හැර සිටින විත්ති­කරු අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­යේය.

එහිදී පැමි­ණිල්ල මෙහෙ­ය­වන අල්ලස් කොමි­සමේ සහ­කාර අධ්‍යක්ෂ ඉසංකා සිරි­ව­ර්ධන මහ­ත්මිය කරුණු දක්ව­මින් නඩු­වට සාක්ෂි­ක­රු­වකු හා බැංකු ගිණුම් 7ක විස්තර නඩු භාණ්ඩ ලෙස අලු­තින් අධි­චෝ­දනා පත්‍ර­යට එකතු කරන බව දැනුම් දුන්නාය.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ කොමි­සමේ අයථා වත්කම් විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ඉන්දික ධර්ම­වංශ මහතා පැමි­ණිල්ලේ 8 වැනි සාක්ෂි­කරු ලෙස සාක්ෂි ලේඛ­න­යට ඇතුළු කිරී­මට අව­සර හිමි­විය.

ඉන්පසු පැමි­ණිල්ල විසින් සංශෝ­ධිත සාක්ෂි ලැයි­ස්තුව සහ නඩු භාණ්ඩ ලේඛ­නයේ පිට­පත් අධි­ක­ර­ණ­යට භාර දෙන ලදි.

මෙම ලේඛන භාර දීමෙන් පසු අධි­චෝ­දනා පත්‍රයේ දක්වා ඇති සියලු ලේඛන විත්ති­යට භාරදී අව­සන් බව පැමි­ණිල්ලේ නීති­ඥ­ව­රිය කියා සිටි­යාය.

2022 වසරේ ජන­වාරි මස 01 වැනිදා සහ 2023 වසරේ සැප්තැ­ම්බර් මස 14 වැනිදා අතර දක්වා කාල­සී­මාව තුළ රුපි­යල් 296,566,444.76ක් වටිනා වත්කම් හා දේපළ උප­යා­ගෙන ඉන් රුපි­යල් 275,302,616.06ක වටි­නා­ක­ම­කින් යුත් මුදල් හා දේපළ උප­යා­ගත් ආකා­රය හෙළි­ද­රව් කිරී­මට අපො­හො­සත් වීමේ චෝදනා මත විත්ති­ක­රුට එරෙ­හිව දූෂණ විරෝධි පනත යටතේ චෝදනා ගොනු කිරීම සිදුව ඇත.

විත්ති­ක­රුට එරෙ­හිව අධි­චෝ­දනා 3ක් නඟා ඇති අතර 2025 වසරේ සැප්තැ­ම්බර් 12දා නඩුව පැව­රීම සිදු­විය. අධි­චෝ­දනා පත්‍රයේ වත්කම් හා දේපළ මිලදී ගැනීම්, බැංකු ගිණුම් 41ක් පිළි­බඳ තොර­තුරු දක්වා ඇත. විත්ති­ක­රුට එරෙ­හිව පැමි­ණිලේ සාක්ෂි­ක­රු­වන් 86 දෙනකු නම්කර තිබේ.

විත්ති­කරු රුපි­යල් පන­ස්දා­හක මුදල් ඇප­යක් හා රුපි­යල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැ­රීම සිදුව ඇති අතර විදේශ ගමන් තහ­න­මක් ද පනවා ඇත. පෙබ­ර­වාරි 11 වැනිදා නඩුව යළි කැඳවේ.

විත්තිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ කාංචන රත්වත්ත පෙනී සිටි අතර අල්ලස් කොමි­සමේ සහ­කාර අධ්‍යක්ෂ ඉසංකා සිරි­ව­ර්ධන මහ­ත්මිය පැමි­ණිල්ල මෙහෙය වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *