හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ලබා ගැනීම සදහා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තා සත්‍ය වාර්තා බව පිළිගත නොහැකි යයි, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය ප්‍රකාශ කිරීමෙන් පසුව, ඒ පිළිබදව සිය අවධානය යොමු කර තිබෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු අමාත්‍යවරයා පවසන ආකාරයේ රෝගාබාධවලින් ඔහු පෙළෙන්නේද නැද්ද යන සොයා බැලීම සදහා වෛද්‍යවරු හත් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.
අදාල කමිටුව ඒ පිළිබදව සොයා බලා පෙබරවාරි මාසයේ විසිනමවන දා ට පෙර, එකී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.
ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පෙබරවාරි මාසයේ තුන් වන දා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.
නැවත පසුගිය පහළොස්වන දා නඩුව කැදවා තිබුණු අතර, කෙහෙළිය රඹුක්වැල්ල රෝගාබාධයන්ගෙන් පෙළෙන බව පවසමින් ඔහුගේ නීතීඥයා ඔහු වෙනුවෙන් ඇප ඉල්ලා සිටියත්, අධිකරනය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේ ය.