කෙහෙළියගේ තවත් දියණිවරුන් දෙදෙනකු හා බෑණා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) පෙරවරුවේ ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්.

මුදල් විශුද්ධීකරණ චෝදනාවක් යටතේ සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි මොවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර ඊයේ (18) දිනයේ දී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දෙවැනි දියණිය ද අත්අඩංගුවට ගැනුණා.

අධිකරණයෙන් ඇප හිමිවුණ ද, ඇප කොන්දේසි සම්පූර්ණ කරලීමට නොහැකි වීම මත ඔවුන් ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *