කෙහෙළිය රඹුක්වැල්ලගේ මුළු පවුලටම එරෙහි නඩුව සැප්තැම්බර් 09 කැදවයි

රුපි­යල් ලක්ෂ 80කට අධික මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධ­යෙන් මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම විසින් හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, ඔහුගේ බිරිය, පුතා, දිය­ණි­යන් තිදෙනා හා බෑනා ඇතුළු පිරි­සට එරෙ­හිව ඇති නඩුව සැප්තැ­ම්බර් 9 දින යළි කැඳ­වී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම මහතා ඊයේ (26) නියෝග කළේය.

කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ජන­මාධ්‍ය, සෞඛ්‍ය සහ පරි­සර ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් සිටි­යදී 2021/2023 කාලයේ දී පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යන් වශ­යෙන් තම හිත­ව­තුන් කිහිප දෙන­කුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමා­ත්‍යාං­ශ­යෙන් ගෙවන ලද වැටුප්, අති­කාල දීමනා තම පෞද්ග­ලික විය­දම් සහ දේශ­පා­ලන කට­යු­තු­ව­ලට යොදා ගැනී­මෙන් රජ­යට රුපි­යල් ලක්ෂ 80කට අධික මුද­ලක පාඩු­වක් කළ බවට ඔහු­ටත් ඔහුගේ බිරිය, පුතා, දිය­ණි­යන් තිදෙනා හා බෑනාට චෝදනා එල්ලවී තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් කොළඹ මහා­ධි­ක­ර­ණය අධි චෝදනා ගොනු­කර ඇති බැවින් නඩුව මෙම අධි­ක­ර­ණයේ පව­ත්වා­ගෙන යන­වාද නැද්ද පිළි­බඳ කරුණු දක්වන ලෙසද ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා අල්ලස් කොමි­ස­මට නියෝග කළේය. අල්ලස් කොමි­සම වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නිල­ධා­රීන් සඳ­හන් කර සිටියේ, මෙම සිද්ධි­යට අදා­ළව විම­ර්ශන කට­යුතු සිදු­ක­රන නිල­ධා­රියා අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටින බැවින් වෙනත් දින­යක් ලබා දෙන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *