චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කෙහෙළිය තමන්ගේ නමින් පාසලක් නම් කරගෙන ඇති බව හෙළි වෙයි

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කොට ඇති චක්‍රලේඛය උල්ලංඝනය කරමින්හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්කල්ල මහතා නමින්කුණ්ඩසාලය ප්‍රදේශයේ පාසලක් නම් කොට ඇති බවත්එම නම වහාම ඉවත් කළ යුතු බවත්ලංකා ගුරු සංගමය කියයි .

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙනු ලබන්නේ1996 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් පාසලක් නම් කළ නොහැකි බවයි .

එහෙත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමාජයට වැරදි ආදර්ශයක් දෙමින්කුණ්ඩසාලය ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක්කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය නමින්නම් කොට ඇති බවත්ය .

එබැවින් තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් පාසල් නම් කිරීමට එරෙහිව වහා පියවර ගත යුතු බවදජෝසප්ස්ටාර්ලින් මහතා රජයට බල කර සිටි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *