කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

පරිසර අමාත්‍යධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව දැනට බන්ධනාගාර ගතව සිටින අමාත්‍ය කෙහෙ‌ළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

එම ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගෙන ඇති අතර, ඒ අනුව පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇත.

ඉදිරි දින කිහිපය තුළදී නව පරිසර අමාත්‍යවරයා දිවුරුම් දීමට නියමිතයි.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *