කෙහෙළිය ඔහු ගෙනා බෙහෙත් බොන්න බෑ කියයි – සිංගප්පූරුවෙන් බෙහෙත් ගෙනත් දෙන ලෙස ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව පවසන ජජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී ගෙන්වූ ඖෂධ බීමට නොහැකි බවත්, සිංගප්පූරුවෙන් ඖෂධ ගෙන්වා දෙන ලෙසත් ඉල්ලා සිටින බව පවසයි.

එසේම, බන්ධනාගාර රෝහලේ තවදුරටත් සිටිය නොහැකි බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන බවත්, ඒ වෙනුවට, පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ඇති බවත් වාර්තා වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *