සෙකුරිටි සිසුවෙකුගේ මවක් දූෂණය කලා : පැහැරගෙන, ගැටගසා ගැහුවේ ඒකයි – කැළණි සිසුන්

කැළණිය විශ්විද්‍යාලයේ ආරක්ෂක නිළධාරියෙකු හා සිසුන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයට හේතුව එම විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මවකට අදාල නිලධාරියා විසින් ලිංගික බලහත්කාරකමක් කිරීම බව සිසුන් කියා සිටිති.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඔවුන් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවත් එම පරීක්ෂණ යට ගැසීමට සරසවියේ පාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවත්ය.

සිදුවීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වනු වෙනුවට සිදුවීම යටගැසීමටත් සරසවිය වසා දැමීමටත් කටයුතු කිරීමත් විරෝධය පළ කරන බව ද ඔවුහු කියා සිටිති.

අදාල සිදුවීම පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

405394719 738306384995145 1256535317012592528 n.jpg? nc cat=102&ccb=1 7& nc sid=dd5e9f& nc ohc=g2OY3u6Kp2cAX8yMLiR& nc ht=scontent.fcmb2 2 Iri News
408098960 881664226650227 6945004625853556469 n.jpg? nc cat=102&ccb=1 7& nc sid=dd5e9f& nc ohc=kTNcYA7uJQoAX 8NAVP& nc ht=scontent.fcmb2 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *