කැලණිවැලි දුම්රිය මාර්ගය හෝමාගම තෙක් ‘ඩබල් ලයින්’ කිරීම ලබන වසරේ අරඹයි

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා කොටස දීර්ඝ කිරීමේ හා හෝමාගම දක්වා ද්විත්ව මාර්ගයක් කිරීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පැවසීය.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර පසුගිය 6 වන දා භාරදුන් බවත් ඊට අනුමැතිය ලැබීමෙන් පසු එහි මූලික කටයුතු ආරම්භ කෙරෙන බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.

එම දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට රුපියල් බිලියන 10ක පමණ මුදලක් වැය කෙරෙන බවත් අදියර තුනකින් එහි වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීය.

කොළඹ සිට හෝමාගම දක්වා කොටස ද්විත්ව මාර්ගයක් කිරීමට රුපියල් බිලියන 5ක පමණ මුදලක් වැයවනු ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

පළමු අදියර අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දක්වාත් දෙවන අදියර යටතේ කුරුවිට දක්වාත් තෙවන අදියර යටතේ රත්නපුර දක්වාත් ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *