නොසිතූ ලෙස සිදු වූ දරුණු අනතුරකින් කැළණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මිය යයි

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය දා ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙසෙ අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මියයන විට ඒ මහතා එලෙස 46 වන වියේ පසුවුණි.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 

අනතුර සිදුව තිබුණේ, ඊයේ (18) රාත්‍රී කාලයේ දී වන අතර, කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

විශ්වවිද්‍යාල සිසු දරුවන් දහස් ගණනකගේ නැණස පාදා ඇති ආචාර්ය ගයන්ත මහතාගේ වියෝව කැලණිය සරසවියට මෙන්ම මුළු මහත් ජාතියටම සිදුවු පියවිය නොහැකි පාඩුවකි.

ආචාර්ය ගයන්ත මහතාගේ වියෝවය ගැන තැබූ සංවේදී ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

1742363124 4 Iri News
1742363093 3 Iri News
1742363063 2 Iri News
1742363029 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *