06 ශ්‍රේණිය මොඩියුලය සම්බන්ධ ගැටලුවට අගමැතිවරිය වගකිව යුතු නොමැති නම්, පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ හිටපු ඇමැතිවරුන් ද එම චෝදනාවලට වගකිව යුතු නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් පවසනවා.
ලක්ෂ දෙකහමාරකට පවා හිටපු ඇමතිවරුන් සිරගත කර ඇති බවයි ඔහු පවසා සිටියේ.
අගමැතිවරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ ජයග්‍රහණය කිරීමට නොවන බවත්, මෙයට විරුද්ධව ඡන්දය දෙන අය සම්බන්ධයෙන් අනාගතයේ දිනයක කතා කරනු ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.