කොලොන්නාව නගරය සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම් වල තිබෙන රෝහල්, පාසල් ,නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම තිබෙන බව රජය පවසයි. 

එමෙන්ම කොළොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමටද නියමිතව පවතී.

මෙම සැලසුමට අනුව කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලන ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර සහ ප්‍රේමනාත් සී.දොළවත්ත මහත්වරුද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *