කොටහේනේ වෙඩි තැබීමෙන් කංජිපානි ඉම්රාන්ගේ ​ගෝලයෙක් මිය යයි

කොටහේන 16 වැනි පටුමඟේ සිදුවූ වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පමණ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ ය.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

පොලීසිය පැවසුවේ සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාල පුද්ගලයා ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *