පිටරටකට යනකොට අපේ ජාතික ඇඳුම ඇඳගෙන යන්න – කොටපිටියේ රාහුල හිමි

මෙරට රාජ්‍ය පාලකයින් විදේශ සංචාරවල නිරත වීමේදී දේශීය අනන්‍යතාවය විදහා දක්වන ඇඳුමකින් සැරසී ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දිය යුතු බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

වර්තමාන රාජ්‍ය නායකයින් මෙරට ජාතික ඇඳුම පහළම මට්ටමකට ඇද දමා ඇති බවට උන්වහන්සේ දැඩි විවේචනයක් එල්ල කළහ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අතීතයේ විදේශ සංචාරවල නිරත වූ ආකාරය සිහිපත් කරමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, එතුමිය සැමවිටම ඔසරියෙන් සැරසී ගිය බවයි. ලෝකයාගේ විශේෂ ගෞරවය සහ ආකර්ෂණය එතුමියට හිමිවීමට එම ප්‍රෞඩ දේශීය අනන්‍යතාවය සෘජුවම බලපෑ බව උන්වහන්සේ සඳහන් කළහ.

අපේ රටට ආවේණික වටිනාකම් සහ සිරිත් විරිත් සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව පෙන්වා දුන් අනුනායක හිමියන් වැඩිදුරටත් මෙසේද පැවසූහ:

“අපේ ජාතික ඇඳුම හැකිතාක් භාවිතා කරන්න උනන්දු වෙන්න ඕනේ. අපේ සංස්කෘතියේ තිබුණු උත්සව, පෙරහැරවල් සහ ධර්ම දේශනා දැන් අමුතුම විදිහකටයි සිද්ධ වෙන්නේ. අපේ වටිනා සිරිත් විරිත් මේ විදිහට පල්ලම් බහින්නේ හිතාමතාම කරන දෙයක් නිසාද කියලා මට හිතෙනවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *